නිහඬ කල්පනා ලොවක තනිවෙලා

nihada kalpana lowaka thaniwela oba

Edward Jayakody
නිහඬ කල්පනා ලොවක තනිවෙලා Lyrics

නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි..
කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි..
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි...
අචල ආදරේ බැඳුණ ඔබ කෙරේ එලෙසමයි..

ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්‌..
වෙන අයෙක්‌ කෙරේ බැඳුණෙදෝ ඔයා ආදරෙන්‌..
සිහිනයක්‌ ලෙසින්‌ බොඳ වෙලා නොයන්‌ මා සිතින්‌..
හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්‌..

නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි..
කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි..
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි...
අචල ආදරේ බැඳුණ ඔබ කෙරේ එලෙසමයි..

අසරණයි මෙමා වැරදි නෑ කලේ කිසි දිනේ..
ඔබෙ සිතේ සමාදෙනු මැනේ ළඳේ පා සෙනේ..
හදවතින්‌ විඳී වේදනා සුසුම්‌ පාවුණේ..
නැතිවදෝ අපේ සිත්‌ එදා ලෙසින්‌ යාවුණේ..

නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි..
කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි..
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි...
අචල ආදරේ බැඳුණ ඔබ කෙරේ එලෙසමයි..

Video thumbnail