නිල් වරල පුරා.. මල් අතුරලා
බිඟුන් මත් කරන..
රන් මුව මඬලින්.. රැස් විසිරුවා
තෝඩුන් දිදුලවන..
නිම්නාද දී යන සත් ස්වරයෙන්
දෙසවන් සිල් බිඳින..
හදසෙන් වැදී ගජසෙන් මඩිනා
දෙව්ලියේ ඔබ කව්ද..
ඕ.. ශෘංගාරී මගේ.. හද විල් තීරයෙන්
බැස කිමිදෙන්න..
දැහැනින් බැඳවුන්.. සලෙලුන් මුදමින්..
සුරත් සුවය විඳගන්න..
මල් මකරන්දයෙන්.. නා දළු තෙමා
මීවිත බොන්න..
පෝ සඳ අසලින්.. පුන් සඳ තියා
සාවුන් සිප ගන්න..
හද හද බැඳී.. ගත ගත වෙළී යන
මේ රැය පුරාවට..
වීණා වැයුමට.. සකි පන්සිලු හට
ඇරයුම් කරන්නද..
ඕ.. ශෘංගාරී මගේ.. හද විල් තීරයෙන්
බැස කිමිදෙන්න..
දැහැනින් බැඳවුන්.. සලෙලුන් මුදමින්..
සුරත් සුවය විඳගන්න..
මේ.. නඳුන් උද්‍යානයේ
දැහැනින් සුව වින්ද
සිත් බොළඳ වෙයි.. සසැලෙයි..
සොඳුරියේ නුඹ නිසාමද..
ඕ.. ශෘංගාරී මගේ.. හද විල් තීරයෙන්
බැස කිමිදෙන්න..
දැහැනින් බැඳවුන්.. සලෙලුන් මුදමින්..
විඳගන්න..