නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න
ආදරයේ සොඳුරුම තැන් කතා කරන්න
බංකරයේ ජීවිතයට නිවාඩු දෙන්න
තව පොඩ්ඩක් කල් තියෙනවා එතකන් ඉන්න
තල් ගහ යට සෙවණක් නෑ කවදාවත්ම
මගේ හිතට තනියක් නෑ සවිය ඇත මට
තල් ගහ යට සෙවණක් නෑ කවදාවත්ම
මගේ හිතට තනියක් නෑ සවිය ඇත මට
හැම තිස්සෙම දැක ගන්නට නොහැකි වුණාට
ඔයාව මට මතක් වෙනවා.. හැම මොහොතකම
නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න
ආදරයේ සොඳුරුම තැන් කතා කරන්න
බංකරයේ ජීවිතයට නිවාඩු දෙන්න
තව පොඩ්ඩක් කල් තියෙනවා එතකන් ඉන්න
මා ඉපදුණ මේ මවුබිම රැක ගෙන ඉන්න
වගකීමක් ඇත අද මට ඉටු කරලන්න
මා ඉපදුණ මේ මවුබිම රැක ගෙන ඉන්න
වගකීමක් ඇත අද මට ඉටු කරලන්න
සෙනෙහසේ නාමයෙන් ඔබ මට තව දිරි දෙන්න
මම මැරුණත් මගේ නමත්.. රැඳෙයි දවසක
නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න
ආදරයේ සොඳුරුම තැන් කතා කරන්න
බංකරයේ ජීවිතයට නිවාඩු දෙන්න
තව පොඩ්ඩක් කල් තියෙනවා එතකන් ඉන්න