නිවාඩුටත් මං දැන් සාංකාවෙන්
ගමේ යන්නේ...
කවුරුත් නෑ පාළුයි දැන් ආයෙත්
මගේ ලෝකේ..
දෑසත් සිතත් රහසේ හැඬුවා..
තාමත්.. ඔබව සිහිවී....
වසන්තේ ආවත් ඔබ ගම්මානෙන්
ගිහින් වෙන් වී..
කොහා ගැයු ගී රැව්දෙයි බක් මාසේ
වෙලේ ලන්දේ..
මිහිරක් නෑ කොහොමත් සැනසීමක්
සිතේ මාගේ..
දෑසත් සිතත් රහසේ හැඬුවා..
තාමත්.. ඔබව සිහිවී..
වසන්තේ ආවත් ඔබ ගම්මානෙන්
ගිහින් වෙන් වී..
මාගේ පැතුම් බොඳ වී බිඳුණා..
දෑසට.. කඳුළ හිමිවී...
සිතක් නෑ වාගෙයි ආවත් ගමේ
ඔබෙන් වෙන් වී..
ඈතින් ඉඳන් නොපෙනී සැමදා..
තාමත්.. ඔබව සොයමි..
රිදුම් දෙයි පීවිතයම මේ මාගේ
තනිව හිඳිමි..
නිවාඩුටත් මං දැන් සාංකාවෙන්
ගමේ යන්නේ..
කවුරුත් නෑ පාළුයි දැන් ආයෙත්
මගේ ලෝකේ..
නිවාඩුටත් මං දැන් සාංකාවෙන්
ගමේ යන්නේ..
කවුරුත් නෑ පාළුයි දැන් ආයෙත්
මගේ ලෝකේ..
කවුරුත් නෑ පාළුයි දැන් ආයෙත්
මගේ ලෝකේ..