නෝනේ මගෙ සුදු නෝනේ.. අලි වැඩේ මෙමට උනේ
නෝනේ මගෙ සුදු නෝනේ.. අලි වැඩේ මෙමට උනේ
බස් එක මගදි කැඩුණා.. ඒකයි මම පමා වුණේ
අන්න ඔබෙ පරණ පොත.. මම එය කියවා ඇත
අන්න ඔබෙ පරණ පොත.. මම එය කියවා ඇත
තමාගේ බිරිඳුට ඔය බොරු කියනා එකයි කැත
ඔයා පිළිගන්නේ නැද්ද.. මගෙ නැහැ කිසි වැරැද්ද
ඔයා පිළිගන්නේ නැද්ද.. මගෙ නැහැ කිසි වැරැද්ද
පුතාට ටොපි ගෙනවා දැන් මම පොඩි පුතා නිදිද
නැති බොරු සෙනෙහෙ පපා.. අප රවටන්න එපා.
නැති බොරු සෙනෙහෙ පපා.. අප රවටන්න එපා..
කට ගොන්නක් බීගෙන මින්පසු මෙහි චන්න එපා.
ඇත්තම ඔයාට කියන්නන්.. ඔය එය පිළිගන්නවානන්
මිතුරෙක් අඬ ගැහුවා.. පොඩි අඩියක් ගැහුවා
ඕකත් ලොකු වරදක්ද..
ඔකත් ලොකු වරදක්ද...
මොකටද ඉතින් මගෙ කට.. ලැජ්ජා නැද්ද තමුසෙට
බස් එක නතර වුණේ... මිතුරා අඬ ගැසුවේ
තැබෑරුමක්ම ළඟදිද..
තැබෑරුමක්ම ළඟදිද..
තරමක් ලේසිය දුන්නා... නෝනා මගෙ කරටම එන්නා
ඔව් මම අඩි ගැහුවා.. පරක්කු වී ආවා
නෝනා දැන් කියන්නේ මොකද..
ඔව් මම අඩි ගැහුවා.. පරක්කු වී ආවා
නෝනා දැන් කියන්නේ මොකද..
අනේ ඔයාගේ ලේසිය.. ඔයාලාටමයි වාසිය
ළමයි බලන්න ඕනේ.. රෙදි සෝදන්න ඕනේ
තනියම අපිට කරදර..
තනියම අපිට කරදර..
ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි
ඔහේලට උරුමයි එය දැන ගත්තොත් කදිමයි
අනේ.. ඔහේලට උරුමයි එය දැන ගත්තොත් කදිමයි
ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි
ඔයා කියන්නේ අපි දුක් විඳින්න ඕනේ
ඔයලා විවාහ වෙන්නේ.. ඔහොම කියාලද අනේ
ඔයා කසාද බැන්දේ.. ඔහොම කියාලද අනේ
ඔයා කියන්නේ අපි දුක් විඳින්න ඕනේ
අනේ.. කිරිපිටි හොයලා.. පෝලිම් වල දුක් විඳලා
ලොක්කට වැඳලා.. තමයි එන්නේ බේරලා
අපේ බොසාට වැඳලා.. තමයි එන්නේ බේරිලා
කිරිපිටි හොයලා.. පෝලිම් වල දුක් විඳලා
පොලිමේ මැද.. හිටියට පාඩු වෙනවද
ඒ තරුණියන් මැද.. ඔයාටත් ජොලියක් නැද්ද
අනේ.. තරුණියන් මැද.. ඔයාටත් ජොලියක් නැද්ද
පොලිමේ මැද.. හිටියට පාඩු වෙනවද
කරුමෙට ඔය කට.. තමුසෙට.. ලැබුණට
කැත කට.. හතරට.. ඉරණට හිතේ මට..
මගේ කට.. හතරට.. ඉරණට.. හිතුවට..
මේ මට.. දෙන බැට.. තමුසෙට වැදෙයි හෙට..
දුවේ පුතේ මා කියනා දේ අහගන්න..
කඳුළක් නැති තැන සිනහාව ඇත්ද බලන්න..
දෙන්න ගන්න දෙක සමබර ඇතිනම් ඔන්න..
විවාහ ජීවිතය සරුයි අද දැනගන්න..
ව්වාහ ජීවිතය සරුයි අද දැනගන්න..
දෙන්න ගන්න දෙක සමබර ඇතිනම් ඔන්න..