Nubai Mamai

Nubai Mamai


Nubai Mamai Lyrics

නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ..
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ...
වෙන මල්වලින්..
රොන් බී හොරෙන්..
මෙහෙ එන්නෙපා පියඹලා...
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ...
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ...

දුටු මුල් දිනේදී
පෑ චාටු වදනින්
ඔබ මා පෙමින් යාවුණා....
මිතුරන් කියූ දේ
නෑසූ නිසාවෙන්
අද මා මෙසේ තනිවෙලා.....
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ..
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ...
වෙන මල්වලින්..
රොන් බී හොරෙන්..
මෙහෙ එන්නෙපා පියඹලා...
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ...
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ...

මා අන්ධ වූ ඒ ඔබගේ මුලාවෙන්
ඈවත් රවට්ටන්නෙපා....
මා දෑස කඳුළින් නැහැවූ විලාසෙන්
කාටත් දුකක් දෙන්නෙපා....
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ..
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ...
වෙන මල්වලින්..
රොන් බී හොරෙන්..
මෙහෙ එන්නෙපා පියඹලා...
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ...
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ...

Video thumbnail