නුඹේ පෙම්.. ලෝකේ
සුවේ විඳින සමනල් යාළුවේ..
මටත් පෙම්.. වන්තී
ළඟින් නේන ඇත්නම් ඔය වගේ..
නුඹලාට වාගේ නෑ.. බාධා අනන්තයි
වැට කඩුලු සීමා.. මායිම් බොහෝමයි
හමුවන්නවත් නෑ.. නිදහසේ..
(ගප මගරි මිසා)
නුඹේ පෙම්.. ලෝකේ
සුවේ විඳින සමනල් යාළුවේ..
මටත් පෙම්.. වන්තී
ළඟින් නේන ඇත්නම් ඔය වගේ..
ප්‍රිය සාදයේදී.. මා ගී ගයද්දී
ඈ ඉන්නවා නම් ළඟ හොඳයි..
ක්‍රීඩා ලොවේදී.. මා ජය ලබද්දී
ඈ දකිනවා නම් හරි අගෙයි..
ඒත් කෝ නෑනේ.. අනේ තවත් නෑනේ
ඒත් කෝ නෑනේ.. අනේ තවත් නෑනේ
ලැබුණේ නෑ.. අවසරේ.. ඔබ ළඟින්.. නෑ මගේ
නුඹේ පෙම්.. ලෝකේ
සුවේ විඳින සමනල් යාළුවේ..
මටත් පෙම්.. වන්තී
ළඟින් නේන ඇත්නම් ඔය වගේ..
සති අන්තයේදී... සිනමාහලේදී
හමුවන්න ඇත්නම් මා ප්‍රියේ..
ඉර බසින යාමේ.. මුදු සුමුදු වෙරළේ
පෙම් ගී ගයන්නම් ආදරෙන්..
හෝ හෝ.. කෝ නෑනේ.. අනේ තවත් නෑනේ
ඒත් කෝ නෑ නේ.. අනේ තවත් නෑනේ
ආවේ නෑ.. ඈ අනේ.. තනිව මා.. මගෙ ලොවේ
නුඹේ පෙම්.. ලෝකේ
සුවේ විඳින සමනල් යාළුවේ..
මටත් පෙම්.. වන්තී
ළඟින් නේන ඇත්නම් ඔය වගේ..
නුඹලාට වාගේ නෑ.. බාධා අනන්තයි
වැට කඩුලු සීමා.. මායිම් බොහෝමයි
හමුවන්නවත් නෑ.. නිදහසේ..
(ගප මගරි මිසා)