නුඹෙ සුවඳ විලවුන් තවරා (කවුරුන්ද කවුළුව වැහුවේ)

 Nube Suwada Wilaun Thawara (Kawrunda Kawluwa Wahuwe)


නුඹෙ සුවඳ විලවුන් තවරා (කවුරුන්ද කවුළුව වැහුවේ) Lyrics

කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ
නවතින්න අවසරයි ප්රේමයෙන්

කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ
නවතින්න අවසරයි ප්රේමයෙන්

නාඬන්න මගෙ පණ කියලා නුඹ ගියා මා දමා
හැරයන්න හේතුත් කියලා මට කෙරූ චෝදනා
දුර නොයන ප්රේමයෙන් නික්මෙනා
මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා

මතකයද මේ දුක් දෙන්නේ අපි කෙරූ ආදරේ
අමතකද මා ළඟ උන්නා තනිකමින් උන් දිනේ
ඇස් වැහෙන මොහොතක් පාසා නුඹ ඉන්නවා හිතේ
යලි එන්න හැකි නම් ඉක්මනින්

නුඹෙ සුවඳ විලවුන් තවරා සයනයේ ගුලිවෙලා
පැරණි මතකය මා ඉල්ලා යලි එන්නෙ නැති නිසා
යලි එන්නේ නැතිදෝ මා සොයා
හැකි මට ඉන්න පෙර සේ ඉවසලා

කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ
නවතින්න අවසරයි ප්රේමයෙන්

කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ
නවතින්න අවසරයි ප්රේමයෙන්

Video thumbnail