nuga-sewanak-se-obata Lyrics
නුග සෙවණක් සේ ඔබට
සෙවණ සදන්නම් ළඳුනි
මද පවනක් සේ ඔබට..
සිසිල සදන්නම් ළඳුනි
නුග සෙවණක් සේ ඔබට
සෙවණ සදන්නම් ළඳුනි
මද පවනක් සේ ඔබට..
සිසිල සදන්නම් ළඳුනි
ගංගාවකි මා සුනිමල්
පවසට ඉන් පැන් ලබන්න
ගංගාවකි මා සුනිමල්
පවසට ඉන් පැන් ලබන්න..
මල් සුවඳකි මා මනකල්
ඒ සුවඳින් සුවඳ වන්න
නුග සෙවණක් සේ ඔබට
සෙවණ සදන්නම් ළඳුනි
මද පවනක් සේ ඔබට..
සිසිල සදන්නම් ළඳුනි
සඳ පහනකි මා නිකැළැල්
අඳුරට ඉන් එළිය ගන්න
සඳ පහනකි මා නිකැළැල්
අඳුරට ඉන් එළිය ගන්න..
ඔරුවක් වෙමි මම හැමකල්
දිවි සයුරෙන් එතර වන්න
නුග සෙවණක් සේ ඔබට
සෙවණ සදන්නම් ළඳුනි
මද පවනක් සේ ඔබට..
සිසිල සදන්නම් ළඳුනි
නුග සෙවණක් සේ ඔබට
සෙවණ සදන්නම් ළඳුනි
මද පවනක් සේ ඔබට..
සිසිල සදන්නම් ළඳුනි