නුබ ගාව විතරයි Lyrics
නුඹෙ ආදරෙන් මා දැවුනා නිවුනා මෙතුවක්
හිත පාළුවෙන් මේ නැතිදා නුඹ මා ගාවින්
කඩදාසියක් සේ ඉරලා මතකේ මොහොතින්
කිසිදාකවත් බෑ හැරදා යන්නට හිතකින්
මම යන්න ආසයි නුඹ හා අතීතෙට ආයෙත්
දැනගන්න ආසයි නොකියූ කතා යළි නුඹගෙන්
නුඹ ගාව විතරයි මට දැනුනේ මාව හැබැවින්
රිදුනාට ඒකයි ලංවුනේ ආයේ ආයෙත්
මගහැරුනු දේවල් ඇති අපගේ ජීවිතේ
අත් අල්ලගෙන යමු යළි හුරු ඒ මාවතේ
වැඩිපුරම හිත රිදුනේම
ආදරය තිබු තැන්වලය
නොදැනීලා ඒ දේ
නුඹත් ගියේ වෙන්වෙලා
මම යන්න ආසයි නුඹ හා අතීතෙට ආයෙත්
දැනගන්න ආසයි නොකියූ කතා යළි නුඹගෙන්
නුඹ ගාව විතරයි මට දැනුනේ මාව හැබැවින්
රිදුනාට ඒකයි ලංවුනේ ආයේ ආයෙත්