නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පති හැලී තියේ
මට නපුරු වුණේ ඇයි දයාවියේ
මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ
නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පති හැලී තියේ
මට නපුරු වුණේ ඇයි දයාවියේ
මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ
මගෙ සමරු පොතේ රෝස පිටු සොයා..
මුතු අකුරු පේළියක් ලියූ ඔයා..
මගෙ සමරු පොතේ රෝස පිටු සොයා..
මුතු අකුරු පේළියක් ලියූ ඔයා..
සිහිවටනයක් ලෙසින් තවත් තියේ
සමනල පියාපතක් ය පීවිතේ
නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පති හැලී තියේ
මට නපුරු වුණේ ඇයි දයාවියේ
මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ
සිත දුරක ගියා ආදරේ සොයා..
මුතු කඳුළු බින්දුවක් ගලා ගියා..
සිත දුරක ගියා ආදරේ සොයා..
මුතු කඳුළු බින්දුවක් ගලා ගියා..
සමුගැන්ම වේදනාවකී ලොවේ
මේ ඉන්ද්‍රචාපයක්ය ජීවිතේ
නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පති හැලී තියේ
මට නපුරු වුණේ ඇයි දයාවියේ
මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ
නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
රතු රෝස මලක පති හැලී තියේ
මට නපුරු වුණේ ඇයි දයාවියේ
මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ