ඔබ ආයේ එනවනම් (කියා දෙන්න ආදරේ තරම්) Lyrics
ඉතිහාස ගත වෙනා පෙමක් තනලා...
මගෙ දෑතෙ එල්ලිලා ගිමන් හැරලා..
වෙන් වීම අන්තිමේ හොඳයි කියලා..
ඔබ මාව හඬවලා ඔබත් හැඩුවා..
ඔබ ආයේ එනවනම් - මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන් - දෙස ආදරයෙන් බලන්
කියාදෙන්න ආදරේ තරම් ....//
කිසි දා නොවින්ද - ආදරය වින්ද
අප පෙම් කතාව - මෙතනින් නිමයි ද
යන්න පෙර දුරට - නැවත නොපෙනෙන්න
ඔබ නැතුව ඉන්න - මට කියලා දෙන්න
ඔබ ආයේ එනවනම් - මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතුපියන් -දෙස ආදරයෙන් බලන්
කියාදෙන්න ආදරේ තරම් ....//
දනින් නැගිටින්න - දිය පොදක් හෙවුව
වැහි නොමැති කතර - රැවටුණා ඔබට
කොහේ හරි තැනක - ඔබ හොදින් ඉන්න
එයයි මට උරුම - අවසන් කැමැත්ත
ඔබ ආයේ එනවනම් - මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන් -දෙස ආදරයෙන් බලන්