ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ

Oba Dakina Dakina Dinaka Mahada

m s fernando
ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ Lyrics

ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති සුසුදු සුමුදු සිනිඳු කුමුදු සිනාවේ
ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති සුසුදු සුමුදු සිනිඳු කුමුදු සිනාවේ
කුමුදු සිනාවේ.. පොකුණු තලාවේ
කුමුදු සිනාවේ.. පොකුණු තලාවේ

මල්‌ දහසක සුවඳින්‌.. සුවද වෙලා
කුංකුම පිණි දිය ගා.. නළලෙ උලා
රන්වන්‌ කැලුම්‌ නංවලා
රන්වන්‌ කැලුම්‌ නංවලා

මල්‌ දහසක සුවඳින්‌.. සුවද වෙලා
කුංකුම පිනි දිය ගා.. නළලෙ උලා
බඳ වටලා.. සළු පටලා..
බඳ වටලා.. සළු පටලා..

ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති සුසුදු සුමුදු සිනිඳු කුමුදු සිනාවේ
ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති සුසුදු සුමුදු සිනිඳු කුමුදු සිනාවේ
කුමුදු සිනාවේ... පොකුණු තලාවේ
කුමුදු සිනාවේ.. පොකුණු තලාවේ

පෙති ගෝමර ඉසිලා.. ළය තුරුලේ
සඳ බැබලේ රැඳිලා.. වත මඩලේ
නිල්‌ තරු දැසෙ හැංගිලා
නිල්‌ තරු දැසෙ හැංගිලා

ඔබ නැතිදා.. ලොව නැත මා
ඔබ නැතිදා.. ලොව නැත මා

ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති සුසුදු සුමුදු සිනිඳු කුමුදු සිනාවේ
ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති සුසුදු සුමුදු සිනිඳු කුමුදු සිනාවේ
කුමුදු සිනාවේ.. මේ පොකුණු තලාවේ
කුමුදු සිනාවේ.. මේ පොකුණු තලාවේ
කුමුදු සිනාවේ.. මේ පොකුණු තලාවේ
කුමුදු සිනාවේ... මේ පොකුණු තලාවේ...

Video thumbnail