ඔබ දන්නවා නම් එක කඳුළු බිඳක්..
හිත යටට වෙලා දුක් විඳින තරම්....
ඒ කඳුළ උනත් නෙතු අගට ඇවිත්..
යළි ඔබේ පයට පෑගෙනවා නම්..
ඔබ දන්නවා නම් එක කඳුළු බිඳක්..
හිත යටට වෙලා දුක් විඳින තරම්....
ඒ කඳුළ උනත් නෙතු අගට ඇවිත්..
යළි ඔබේ පයට පෑගෙනවා නම්..
එක මලක් තනන්නට රුවට රුවින්..
ගහවැල දුක් ගින්දර විඳින තරම්...
ඒ පිපෙන මලත් කළු දෙබරු ඇවිත්
විෂ තුඩින් පෙලා රිදවනවා නම්...
ඔබ දන්නවා නම් එක කඳුළු බිඳක්..
හිත යටට වෙලා දුක් විඳින තරම්....
ඒ කඳුළ උනත් නෙතු අගට ඇවිත්..
යළි ඔබේ පයට පෑගෙනවා නම්..
දස මසට වඩා පුරනා පෙරුමන්..
ලොව හදන වඩන මව්වරුනි උතුම්..
මට කියා දෙන්න ලොව ඇතිද ඉතින්..
වෙන අරුතක් මේ ජීවිතය තරම්...
ඔබ දන්නවා නම් එක කඳුළු බිඳක්..
හිත යටට වෙලා දුක් විඳින තරම්....
ඒ කඳුළ උනත් නෙතු අගට ඇවිත්..
යළි ඔබේ පයට පෑගෙනවා නම්..
ඔබ දන්නවා නම් එක කඳුළු බිඳක්..
හිත යටට වෙලා දුක් විඳින තරම්....
ඒ කඳුළ උනත් නෙතු අගට ඇවිත්..
යළි ඔබේ පයට පෑගෙනවා නම්..