ඔබ ගාව හසරැල්ල මා ගාව කඳුළැල්ල
කවදාද මගෙ වෙන්නේ ඔබ රත්තරන්
මට දැනෙන දුක් කන්ද ඉවසන්න ඉවසන්න
කඳුළක්ම ඇයි දෙන්නේ මගෙ රත්තරන්
වළලන්න බැහැ පෙමක අවසන් සුසුම්
මහ රෑට නිදි යහනේ තනිවී ඉඳන්
මා හැඬුවේ ඔබ ගැනැම හිතලා ඉතින්....
සුදු පාට මල් දෝත තාමත් පෙමින්
පිපිලා නියෙයි සුවඳ වී ආදරෙන්
ඔබ නෑනේ ඒ සුවඳ හරි පාළුවෙන්..
ඔබ නෑනේ ඒ සුවඳ හරි පාළුවෙන්..
ඔබ ගාව හසරැල්ල මා ගාව කඳුළැල්ල
කවදාද මගෙ වෙන්නේ ඔබ රත්තරන්
මට දැනෙන දුක් කන්ද ඉවසන්න ඉවසන්න
කඳුළක්ම ඇයි දෙන්නේ මගෙ රත්තරන්
වළලන්න බැහැ පෙමක අවසන් සුසුම්
කඳුළැල්ල අරගන්න ඔබටයි හැකී
හසරැල්ල මට දෙන්න අද ඇයයි බැරි..
ළංවෙන්න ළංවෙන්න සසරදි බැමී
අතුරන්නේ මධු මලක සුවඳයි බැඳී
සංසාර පෙම් බැන්ද මගෙ ආදරේ
සංසාර පෙම් බැන්ද මගෙ ආදරේ
ඔබ ගාව හසරැල්ල මා ගාව කඳුළැල්ල
කවදාද මගෙ වෙන්නේ ඔබ රත්තරන්
මට දැනෙන දුක් කන්ද ඉවසන්න ඉවසන්න
කඳුළක්ම ඇයි දෙන්නේ මගෙ රත්තරන්
වළලන්න බැහැ පෙමක අවසන් සුසුම්