ඔබ හරිම ලස්සනයි නංගියේ..
මට අහන්නට හිතයි නම ඔබේ...
හිනැහෙන්නකෝ නගේ.. ඔරවන්නෙපා අනේ
මම ඔබට ආදරෙයි නංගියේ..
පිනි වැටිච්ච හිමිදිරයේ එන්නම්
මල් අහුලා ඔබට ගෙනත් දෙන්නම්
පිනි වැටිච්ච හිමිදිරයේ එන්නම්
මල් අහුලා ඔබට ගෙනත් දෙන්නම්
හැමදාමත් ආදරෙයි කියන්නම්
ජීවිතේම ඔබ වෙනුවෙන් ඉන්නම්
හැමදාමත් ආදරෙයි කියන්නම්
ජීවිතේම ඔබ වෙනුවෙන් ඉන්නම්
ඔබ හරිම ලස්සනයි නංගියේ..
මට අහන්නට හිතයි නම ඔබේ..
හිනැහෙන්නකෝ නගේ.. ඔරවන්නෙපා අනේ
මම ඔබට ආදරෙයි නංගියේ..
පාළු හිතට ඔබ ළං වෙනවා නම්
මලක් සේම මා ඔබ රැක ගන්නම්
පාළු හිතට ඔබ ළං වෙනවා නම්
මලක් සේම මා ඔබ රැක ගන්නම්
කඳුළක් දී වෙන්වෙලා ගියෝතින්
අහිතක් නෑ මං තනියෙන් ඉන්නම්
කඳුළක් දී වෙන්වෙලා ගියෝතින්
අහිතක් නෑ මං තනියෙන් ඉන්නම්
ඔබ හරිම ලස්සනයි නංගියේ..
මට අහන්නට හිතයි නම ඔබේ
හිනැහෙන්නකෝ නගේ.. ඔරවන්නෙපා අනේ
මම ඔබට ආදරෙයි නංගියේ...