ඔබ කියාදුන්නූ පාඩමයි

Oba Kiya Dunnu Padamai


ඔබ කියාදුන්නූ පාඩමයි Lyrics

දෑස පියෙනකල් ඉන්නම් ඔබ නමින් බලා
දුරක මෙන් ළඟින් හිඳිනා අයුරු විඳ දරා
එකම බැල්මකින් පවසා යන්න නැවතිලා
ඔය හිතේ ඉඩක් තියෙනා බැව් මගේ කියා
හමුනොවේ කෙනෙක් යලී ඔබ වගේ දැනෙන්න
කිසිමදාක නම් මේ ආත්මේ පුරා

නොලැබුණත් නොබිඳලා රැකගැනීම ආදරේ
ඔබ කියා දුන්නූ පාඩමයි
පැරදුණත් හිනැහිලා සුබ පැතීම ආදරේ
ඔබ කියා දුන්නූ පාඩමයි

රිදෙන හේතු කොතෙකුත් නම් ඇතත් ජීවිතේ
අවතැන් වෙලා වගේ අද මං
අපි අතර මතකේ
වරක් යන්න පුළුවන් නම් අතීතයට ඒ
ගිලිහෙන්න දෙන්නෙ නෑ මාගෙන්
ඔය දෑත එලෙසේ

අහිමි වීම පිළිගන්නම් උරුමෙ නම් මගේ
එනමුත් කෙසේ කියා නොදනිම්
ඔබ අතැරලන්නේ
ඉතින් එන්න හිතුනේ නම් දිනෙක මා කෙරේ
මොහොතක් ගෙවෙන්නෙ නෑ ඔබගෙන්
තොර දිවිය මාගේ

Video thumbnail