ඔබ කියූ.. ඔබ ගෙතූ පෙම්‌ කතා... මගේ නේදෝ..

Oba Kiyu Oba Gethu Pem Katha (Mage Nedo)

lahiru perera
ඔබ කියූ.. ඔබ ගෙතූ පෙම්‌ කතා... මගේ නේදෝ.. Lyrics

ඔබ කියූ.. ඔබ ගෙතූ
පෙම්‌ කතා කාටදෝ..
නෙතු බැලුම්‌.. දුන්‌ හැඟුම්‌
තවමත්‌ මාගේ දෝ..

කාටවත් නෑ.. ඔබේ...
දෑසේ ඉනා..
ආදරේ මේ තරම්‌.. ඒ නිසා..
මාගේ නිසා..

මගේ නේදෝ.. අපේ වේදෝ..
ගැයූ පෙම්‌ ගී.. රහයි නේදෝ..
මා අසලට වී.. තුරුල්‌ වෙමු දෝ..
නෙතේ පැටලී.. ඔහේ ඉමු කෝ..

හදවතත්‌ නැවතුනේ...
ඔබ ළඟදි විතරනේ..
නොමැකෙනා මතකයන්‌..
දුන්නේ නුඹම නේ..

ඒ මතක ගැලපුවේ..
අපි විතරනේ..
සෑහෙන්න ආදරේ ඒකනේ...
ඒ ඔබටනේ..

මගේ නේදෝ.. අපේ වේදෝ..
ගැයූ පෙම්‌ ගී.. රහයි නේදෝ..
මා අසලට වී.. තුරුල්‌ වෙමු දෝ..
නෙතේ පැටලී.. ඔහේ ඉමු කෝ..

නෙතගින්‌.. කඳුළක්‌ අරන්‌..
රිදුවත්‌ ඔබට මං.. ඒ වෙලේ..
මනසින්‌.. විඳවූ තරම්‌..
නුඹ දන්‌ නෑ ළඳේ.. ඒ දිනේ..

මගේ නේදෝ.. අපේ වේදෝ..
ගැයූ පෙම්‌ ගී.. රහයි නේදෝ..
මා අසලට වී.. තුරුල්‌ වෙමු දෝ..
නෙතේ පැටලී.. ඔහේ ඉමු කෝ.....

Video thumbnail