Oba ma hamu wu awasan dine

Oba ma hamu wu awasan dine

keerthi pasquel
Oba ma hamu wu awasan dine Lyrics

ඔබ මා හමුවු අවසන්‌ දිනේ
තාම මා සිතේ රැඳී තියේ..
කඳුළින්‌ බොඳවු දෙනුවන්‌ ඔබේ
ආදරේක වේදනා රැඳේ..
කෙතරම්‌ දවසක්‌ මා ඉන්නදෝ
මේ වගේ දුකක්‌ සිතේ දරා..
සුළඟේ සැඟවී මා එන්නදෝ
මාගේ පියාවී සොයා..

මේ විසල්‌ පුරේ ඉන්න රෑ ළඳුන්‌ සොයා
මා ළඟින්‌ රැඳී උන්න යාළුවන්‌ ගියා
මට හොරා වගේ මගේ සිත කොහේ ගියා
මාව හැර දමා මසිත ඔබ සොයා ගියා
අඩ අඳුරේ.. සිත වැළපේ.. සිහිවී ඔබේ ආදරේ..

ඔබ මා හමුවු අවසන්‌ දිනේ
තාම මා සිතේ රැඳී තියේ..
කඳුළින්‌ බොඳවු දෙනුවන්‌ ඔබේ
ආදරේක වේදනා රැඳේ..
කෙතරම්‌ දවසක්‌ මා ඉන්නදෝ
මේ වගේ දුකක්‌ සිතේ දරා..
සුළඟේ සැඟවී මා එන්නදෝ
මාගේ පියාවී සොයා..

වාලුකා තලේ සීත දිය බිඳක්‌ වගේ
ඈත ක්ෂිතිජයේ ඔබේ රූ මැවි පෙනේ
මා සිතේ පුරා සුමුදු සිහිලසක්‌ දැනේ
ඔබ සොයා දුවන්‌ එන්න මට නැතේ පිනේ
අඩ අඳුරේ.. සිත වැළපේ.. සිහිවී ඔබේ ආදරේ..

ඔබ මා හමුවු අවසන්‌ දිනේ
තාම මා සිතේ රැඳී තියේ..
කඳුළින්‌ බොඳවු දෙනුවන්‌ ඔබේ
ආදරේක වේදනා රැඳේ..
කෙතරම්‌ දවසක්‌ මා ඉන්නදෝ
මේ වගේ දුකක්‌ සිතේ දරා..
සුළඟේ සැඟවී මා එන්නදෝ
මාගේ පියාවී සොයා...

Video thumbnail