ඔබ මලක්‌ වෙලා වන අරණේ පිපේවි..

Oba Malak Wela Wana Arane Pipewi

somathilaka jayamaha
ඔබ මලක්‌ වෙලා වන අරණේ පිපේවි.. Lyrics

ඔබ මලක්‌ වෙලා වන අරණේ පිපේවි..
මා සුළං රැලක්‌ වී ඔබ පිස හමාවී..
පුරසඳක්‌ වෙලා ඔබ අහසේ දිලේවී..
මා ගඟක්‌ වෙලා සඳ එළියේ ගලාවී..

සුළඟ වෙසින්‌ මා එනකල
ඔබේ සුවඳ සෑහේ මට
මල්‌ මුවරද ඔබ සමගයි
මලේ සුවඳ මා අසලයි

ඔබ මලක්‌ වෙලා වන අරණේ පිපේවි..
මා සුළං රැලක්‌ වී ඔබ පිස හමාවී..
පුරසඳක්‌ වෙලා ඔබ අහසේ දිලේවී..
මා ගඟක්‌ වෙලා සඳ එළියේ ගලාවී..

ගඟක්‌ චෙලා මා යනකල
ඔබේ එළිය සෑහේ මට
පුරසඳ නිලඹර සමගයි
සඳේ එළිය මා අසලයි

ඔබ මලක්‌ වෙලා වන අරණේ පිපේවි..
මා සුළං රැලක්‌ වී ඔබ පිස හමාවී..
පුරසඳක්‌ වෙලා ඔබ අහසේ දිලේවී..
මා ගඟක්‌ වෙලා සඳ එළියේ ගලාවී..

Video thumbnail