ඔබයි නංගියා Lyrics
සුදු බීරළු ගෙතූ සළුපට
හිරුට දිලිසෙනා
අඳුරු ලෝකෙට එලිය දුන්නේ
ඔබයි නංගියා
තාම මතකයි අදම වාගේ
ඔබේ බිලිඳු සිනා
ඔබේ කුමරුගේ ජීවිතේ අද
ඔබයි නංගියා
ඔබේ චූටි අතින් අල්ලා
විශ්වයම මව්ව මිදුලේ
අපි හදපු ගීත ගයලා
ඔව වේදිකාව වූයේ
කඳුලු බිංදු පිසදා
මගෙ හොඳම මිතුරා ඔබවේ
සුදු බීරළු ගෙතූ සළුපට
හිරුට දිලිසෙනා
අඳුරු ලෝකෙට එලිය දුන්නේ
ඔබයි නංගියා
තාම මතකයි අදම වාගේ
ඔබේ බිලිඳු සිනා
ඔබේ කුමරුගේ ජීවිතේ අද
ඔබයි නංගියා
ඔබ කොහේ ගියත් පියඹා
මම එන්නෙමි එක පිම්මේ
හැම සාගර කඳු පීරා
මට කතා කලොත් කෙල්ලේ
නැහැ යන්නේ හැර කිසිදා
ඔබගේමයි මගේ හෲදේ
සුදු බීරළු ගෙතූ සළුපට
හිරුට දිලිසෙනා
අඳුරු ලෝකෙට එලිය දුන්නේ
ඔබයි නංගියා