Obata waram nathi matada waram nathi

Obata waram nathi matada waram nathi

karunarathna divulgane
Obata waram nathi matada waram nathi Lyrics

ඔබට වරම් නැති මටද වරම්‌ නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුළක දියවි
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ..

ඔබට වරම් නැති මටද වරම්‌ නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුළක දියවි
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ..

ඔහුට පුදන්නට පුජාසනයේ
නොකිලිටි මල්‌ පිපුණිද ළඳුනේ
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැඳුණේ

ඔබට වරම් නැති මටද වරම්‌ නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුළක දියවි
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ..

ආ මග වැරදී ඔහුද ඔබද මා
දෛවයේ තුන්මංසල හමුවේ
බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
කඳුළක්‌ නෑ දෙනුවන පිපුණේ

ඔබට වරම් නැති මටද වරම්‌ නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුළක දියවි
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ..

Video thumbnail