Obe Dasai Obe Dasai

Obe Dasai Obe Dasai

w d amaradeva
Obe Dasai Obe Dasai Lyrics

ඔබේ දෑසයි ඔබේ දෑසයි
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිඳුරු දෑසයි
කිඳුරු දෑසයි..

ඈත අහසේ තාරකා සේ
වශී කර මා සිත සිනාසේ

ඈත අහසේ තාරකා සේ
වශී කර මා සිත සිනාසේ
දුරක සිටියත්‌ ළඟක සිටියත්‌
ඔබේ ඇස මට නිබඳ සිහිවේ
ඔබේ ඇස මට නිබඳ සිහිවේ

ඔබේ අඩවන්‌ නුවන්‌ දුටු සඳ
රාග ගින්නෙන්‌ දැවෙයි මා හද

ඔබේ අඩවන්‌ නුවන්‌ දුටු සඳ
රාග ගින්නෙන්‌ දැවෙයි මා හද
එවන්‌ දෑසින්‌ සිහිල්‌ දිය ඉස
නිවන්‌ ගිනිගෙන දැවෙන මා හද
නිවන්‌ ගිනිගෙන දැවෙන මා හද

ඔබේ දෑසයි ඔබේ දෑසයි
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිඳුරු දෑසයි
කිඳුරු දෑසයි..

Video thumbnail