ඔබේ පෙම් වදන් නෑ.. එදා මෙන් ඇසෙන්නේ
හදේ පෙම්.. හැඟුම් නෑ.. එදා මෙන්.. නැගෙන්නේ
සඳේ රන්.. කැලුම් නෑ.. එදා මෙන්.. දිලෙන්නේ
විලේ නිල්.. නෙළුම් නෑ.. එදා මෙන්.. පිපෙන්නේ
ඔබේ පෙම් වදන් නෑ..
මෙමා මුණ ගැහීමත්.. විඩාවක් වගේ දෝ..
මෙමා හා දෙඩීමත්.. විඩාවක් වුණේ දෝ..
දිනක් නොදුටුවොත් මා.. එදා ඔබ හැඬුවේ..
අදයි ඔබව කලකින් පසු මා දුටුවේ..
ඔබේ පෙම් වදන් නෑ.. එදා මෙන් ඇසෙන්නේ
හදේ පෙම්.. හැඟුම් නෑ.. එදා මෙන්.. නැගෙන්නේ...
හිතේ නැද්ද ඔබගේ.. මෙමා ගැන කතාවක්...
ඔබේ මුළු හදින් පෙම්.. කළා මට වතාවක්
බිඳක් මට නොදේ නම්.. ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න සිහිනෙන් කියන්නම් කතාවක්...
ඔබේ පෙම් වදන් නෑ.. එදා මෙන් ඇසෙන්නේ
හදේ පෙම්.. හැඟුම් නෑ..එදා මෙන්.. නැගෙන්නේ
සඳේ රන්.. කැලුම් නෑ.. එදා මෙන්.. දිලෙන්නේ
විලේ නිල්.. නෙළුම් නෑ.. එදා මෙන්.. පිපෙන්නේ