Olu pipila wila lela denawa

Olu pipila wila lela denawa

ivor dennis
Olu pipila wila lela denawa Lyrics

ඕලු පිපීලා වෙල ලෙලදෙනවා.. සුදට සුදේ නංගෝ..
ඕලු නෙළාලා මාල ගොතාලා.. දෙන්නද සුදු නංගෝ..
එන්න දියේ බැස මා හා.. දෙන්න ඔබේ අත මාලා..
ඕලු නෙළාලා.. මාල ගොතාලා.. පළඳිමු අපි මාලා..

වැල නොකැඩී පෙම්‌ කෙළිමින්‌ යන්නෝ.. දන්ඩි පැටව්‌ නංගෝ..
කූනිස්සෝ උඩ පැන පැන යන්නෝ.. අප කැඳවා නංගෝ..
මෙන්න මලක්‌ මා නෙලුවා.. ඔන්න ඔබෙයි ඒ මාලා..
ඕලු නෙළාලා.. මාල ගොතාලා.. පළඳිමු අපි මාලා..

නෙලුවා නෙලුවා බරටම නෙලුවා.. බරට බරයි නංගෝ...
මේ මල්‌ ඇරගෙන වටපිල්‌ කන්දට.. යමුද ඉතින්‌ නංගෝ..
අන්න මල්ලි මෙහි එනවා.. යමු යමු හනිකට මාලා..
ඕලු නෙළාලා.. මාල ගොතාලා.. පළඳිමු අපි මාලා..
ඕලු නෙළාලා.. මාල ගොතාලා.. පළඳිමු අපි මාලා..

((ඕලු පිපීලා වෙල ලෙලදෙනවා.. සුදට සුදේ නංගෝ..
ඕලු නෙළාලා මාල ගොතාලා.. දෙන්නද සුදු නංගෝ..
එන්න දියේ බැස මා හා.. දෙන්න ඔබේ අත මාලා..
ඕලු නෙළාලා.. මාල ගොතාලා.. පළඳිමු අපි මාලා..
ඕලු නෙළාලා.. මාල ගොතාලා.. පළඳිමු අපී.. මා..ලා...))

Video thumbnail