ඔන්න.. නොකිව්වයි කියන්ටෙපා හාමිනේ

Onna Nokiwwai Kiyantepa Hamine

rohana baddage
ඔන්න.. නොකිව්වයි කියන්ටෙපා හාමිනේ Lyrics

ඔන්න.. නොකිව්වයි කියන්ටෙපා හාමිනේ
මම තෝරා බේරා දෙන්නම්කො මේ කාරණේ
ඔන්න.. නොකිව්වයි කියන්ටෙපා හාමිනේ
මම තෝරා බේරා දෙන්නම්කො මේ කාරණේ

ඉස්සර නම් දරු මල්ලොත්‌ බලාගෙන..
ගේ දොර වැඩපල ඔක්කොම කරගෙන..
ඉවුම්‌ පිහුම්‌ තව මැහුම්‌ ගෙතුම්‌ වැඩ
මෙකී නොකී හැමදේමත්‌ කරගෙන
කොච්චර සතුටින්‌ උන්නාද හාමිනේ

ඔන්න.. නොකිව්වයි කියන්ටෙපා හාමිනේ
මම තෝරා බේරා දෙන්නම්කො මේ කාරණේ
ඔන්න.. නොකිව්වයි කියන්ටෙපා හාමිනේ
මම තෝරා බේරා දෙන්නම්කො මේ කාරණේ

මහලු දෙමව්පියො දෙන්නත්‌ බලාගෙන..
වරදක්‌ දුටු තැන ඒකත්‌ හදාගෙන..
ඉඩං කඩං ගැන විපරම්‌ කරගෙන
මෙකී නොකී හැමදේමත්‌ කරගෙන
කොච්චර සතුටින්‌ උන්නාද හාමිනේ

ඔන්න.. නොකිව්වයි කියන්ටෙපා හාමිනේ
මම තෝරා බේරා දෙන්නම්කො මේ කාරණේ
ඔන්න.. නොකිව්වයි කියන්ටෙපා හාමිනේ
මම තෝරා බේරා දෙන්නම්කො මේ කාරණේ

ගුණ යහපත්‌ කම් ටික ටික නැතිවුණ..
දරු මල්ලොත්‌ අද කිවු දේ නාහන..
අනං මනං කරමින්‌ හිත පෑරෙන
මෙකී නොකී හැම දේ අද සිදුවෙන
හේතුව අපේම වරදනේ හාමිනේ

ඔන්න.. නොකිව්වයි කියන්ටෙපා හාමිනේ
මම තෝරා බේරා දෙන්නම්කො මේ කාරණේ
ඔන්න.. නොකිව්වයි කියන්ටෙපා හාමිනේ
මම තෝරා බේරා දෙන්නම්කො මේ කාරණේ

ඔන්න....

Video thumbnail