හෝ හොහො.. හෝ හොහො.. හෝ හොහො.. හෝ..
ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරං
නොහැඟුනා සේ හිඳින්..නේ කෙසේ දෝ ඉතින්...
දෑත ලැබගන්න පෙරුමන් පුරන්..නේ සිතින්
දිවිතුරා ඔබට මං ආදරෙයි රත්තරං...
හෝ හොහො.. හෝ හොහො.. හෝ හොහො.. හෝ..
කඳුළැල් පිරි මා දෙනෙත් බොඳ වෙලා
සුසුමන් නැගේ හදවතේ රෑ පුරා
කඳුළැල් පිරි මා දෙනෙත් බොඳ වෙලා
සුසුමන් නැගේ හදවතේ රෑ පුරා
හෙට දිනේ.. හමුවෙලා.. කියන්නට හිතයි ආදරේ..
සෙනෙහසින්... ළං වෙලා.. ගෙවන්නට හිතයි ජීවිතේ..
හෝ හොහො.. හෝ හොහො.. හෝ හොහො.. හෝ..
පැරදී නැතේ මා ලොවේ කිසි දිනේ
වැරදී ගියොත් සතුට නෑ ජීවිතේ
පැරදී නැතේ මා ලොවේ කිසි දිනේ
වැරදී ගියොත් සතුට නෑ ජීවිතේ
හෙට දිනේ.. හමුවෙලා.. කියන්නට හිතයි ආදරේ..
සෙනෙහසින්.. ළං වෙලා.. ගෙවන්නට හිතයි ජීවිතේ..
ඔය ඇස් දෙකට පෙම් කෙරුවේ මං රත්තරං
නොහැඟුනා සේ හිඳින්..නේ කෙසේ දෝ ඉතින්...
දෑත ලැබගන්න පෙරුමන් පුරන්..නේ සිතින්
දිවිතුරා ඔබට මං ආදරෙයි රත්තරං....