ඔය මුවේ හසරැල් සොයා

Oya Muwe Hasarel Soya 


ඔය මුවේ හසරැල් සොයා Lyrics

ඔය මුවේ හසරැල් සොයා... මේ සිත ඇදෙනවා...
ඔය සිතේ රහසක් ලියා... මා ළඟ ඉන්නවා...
මං දන්නවා... ළඟ ඉන්නවා...
අපි ආදරේ... සුව විඳිනවා...

නීල ඔය දෑස මගෙමයි කියා
කීව මතකයි එදා...
හීන මැවු දෑස ඔබ ළඟ තියා
තුරුලෙ මං ඉන්නවා...
හද සාගරේ... ආශා මැවූ...
මේ ආදරේ...

ඈත කඳුයායෙ සිසිලස සොයා
යමුද අපි පියඹලා...
සීත නොදැනෙන්නෙ ඔබ ළඟ නිසා
ඉන්න තව ළංවෙලා...
හද සාගරේ... ආශා මැවූ...

ඔය මුවේ හසරැල් සොයා... මේ සිත ඇදෙනවා...
ඔය සිතේ රහසක් ලියා... මා ළඟ ඉන්නවා...
මං දන්නවා... ළඟ ඉන්නවා...
අපි ආදරේ... සුව විඳිනවා...
මේ ආදරේ...

Video thumbnail