ඔයා නිසා මගෙ සිනා

oya nisa mage sina

Chandrasena Hettiarachchi
ඔයා නිසා මගෙ සිනා Lyrics

ඔයා නිසා මගෙ සිනා මැකී ගියාදෙන්‌..
ඔබේ සිනාවන්‌ මතකේ රැඳී තියෙද්දෙන්‌..
ඔබේ පුංචි දෙතොල්‌ අතර මා තනිවෙද්දෙන්‌..
ඔයා ලැබෙන්නේ නැතිනම්‌ තනිකඩ වෙද්දෙන්‌..

තනිකමින්‌ ගඟ ගලා යනවා..
සඳේ නුඹ නෑ අම්බරේ..

විඳවමින්‌ සිත සොයනවා තව
ඔයා කොතැනද හැංගුනේ..
අපි හමුවුනොතින්‌ සඳ එයි නැගිලා
ගංගාවට එළිය අරන්‌..
ආදර මල්‌ යායක්‌ අරන්‌

බලා ඉන්නම්‌ තව හුඟක්‌ කල්‌
ඔයා එනතුරු මා සොයා..

ඔයා නාවත්‌ ඉවසලා හිත
හදාගන්නම්‌ ඔබ නිසා..
තනිකම උහුලා පහලට ගලනා
ගඟ සේ ඉන්නම්‌ සතුටින්‌..
සෙනෙහස රන්දා රහසින්‌

ඔයා නිසා මගෙ සිනා මැකී ගියාදෙන්‌..
ඔබේ සිනාවන්‌ මතකේ රැඳී තියෙද්දෙන්‌..
ඔබේ පුංචි දෙතොල්‌ අතර මා තනිවෙද්දෙන්‌..
ඔයා ලැබෙන්නේ නැතිනම්‌ තනිකඩ වෙද්දෙන්‌..
ඔයා ලැබෙන්නේ නැතිනම්‌ තනිකඩ වෙද්දෙන්‌..
ඔයා ලැබෙන්නේ නැතිනම්‌ තනිකඩ වෙද්දෙන්‌..
ඔයා ලැබෙන්නේ නැතිනම්‌ තනිකඩ වෙද්දෙන්‌..
ඔයා ලැබෙන්නේ නැතිනම්‌ තනිකඩ වෙද්දෙන්‌...

Video thumbnail