පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන් කෙස් රනින්
බඳ පච්ච කොටා ගෙන රූප රටා ඇඳ පාන ශ්‍රියාවල් මතින්
අනේ කාලේ දැන් වනේ වාසේ කල තවුස් දැහැන් බිඳ සැණින්

තොල උරච්චි කල රතු සායම් ගාගෙන විලවුන් දිය නා සොඳින්

කෝල කොමල මුදු ලාලිත සුකුමල සරාගී අංගන සොබා..
ඇඟ වසඟ ශ්‍රියාවට වසඟ වෙලා සිත නුරාව හදවත පුරා..
සුරාමතින් දුම් උරා මුවින් ලිය පානා නැග රංගනා..
මල්සරා දුරන් හිඳ බලා හිඳී නුඹ කාර බැඳන් යනතුරා..
පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන් කෙස් රනින්
තොල උරච්චි කල රතු සායම් ගාගෙන විලවුන් දිය නා සොඳින්
බඳ පච්ච කොටා ගෙන රූප රටා ඇඳ පාන ශ්‍රියාවල් මතින්
අනේ කාලේ දැන් වනේ වාසේ කල තවුස් දැහැන් බිඳ සැණින්
රැප් කොටස
කාමයෙන් මත්ව සුර සැපත සොයන ගත මුනින් තලා වැතිරලා..
දහසකුත් එකක් දන නුවන් අයාගෙන සිටී නුඹට මත් වෙලා..
කඩදාසි මොණර කොළ පහස තුරුල් කර හාදු දිදී රඟ දෙනා..
ඈවරයි කෙල්ලේ දෑවරයි නුඹට සෙයිලමෙන් රුවට මිල දෙනා..