පාන තියා බුදු සාදුට හිමිදිරියේ

pahana thiya budu saduta

Deepika Priyadarshani
පාන තියා බුදු සාදුට හිමිදිරියේ Lyrics

පාන තියා බුදු සාදුට හිමිදිරියේ..
හැමදා දෙන්නා.. ගෙදරින්‌ එනවා..
ඇස්‌ නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා..
කෝච්චියේ විරිදු කියන්නට එනවා..
අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා..

ඉගෙන ගන්න ආස උනත්‌
ඉස්කෝලේ පහු කරලා
එන්නේ අපි ඒ දිහාව වත්‌ නොබලා..
අම්මා රැක ගන්නේ අපි කවි කියලා..

බිංගේ තුළ කළුවර වි
පුරුදු එළිය ළඟ එනවා
කොළඹට යන කාටත්‌ තිසරණ පතලා..
මේන් වැන්දා ජය ලැබෙන්ට අත්‌ බැඳලා..

පාන තියා බුදු සාදුට හිමිදිරියේ..
හැමදා දෙන්නා.. ගෙදරින්‌ එනවා..
ඇස්‌ නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා..
කෝච්චියේ විරිදු කියන්නට එනවා..
අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා..

ඊළඟ නැවතුම ආවම
බැහැලා යනවා නුවර බලා..
ඇත්නම්‌ සතයක්‌ දමන්න පිං සලකා..
අහිතක්‌ නෑ කාසි නැතත්‌ අපි යනවා..

පාන තියා බුදු සාදුට හිමිදිරියේ..
හැමදා දෙන්නා.. ගෙදරින්‌ එනවා..
ඇස්‌ නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා..
කෝච්චියේ විරිදු කියන්නට එනවා..
අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා..
අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා...

Video thumbnail