මන්දාරම් වැහිපොද හිරිකඩ Lyrics
ආ.. ආ.. ආ.. ආ.. ආආආ..
රූ.. රූ.. රූ.. රූ.. රූරූරූ..
ආ.. ආ.. ආ.. ආ.. ආආආ..
රූ.. රූ.. රූ.. රූ.. රූරූරූ..
මන්දාරම් වැහිපොද හිරිකඩ
මගෙ සියොලඟ රන්දාලා
උන් අප ආගිය මග වගතොට
මතක අගුළු හැරදාලා..
වාවන්නට බැරි තැන දුක් කඳ
දෙනෙත් පියන් කවුළු කඩා..
දෝරෙ ගලා ගිය උණු කඳුළැලි
වියලි දෙතොල් මත වැටුණා..
පැහැසර ඔබෙ ආදරේ..
මන්දාරම් අඳුරේ වෙලී..
සැඟවී ගිය ඔබෙ සෙනෙහේ..
හද රිද්දනවා රහසේ..
මැලවුණු මගෙ දෙතොලෙහි රැඳි තතු
සැමගෙන් සඟවා ඉන්න..
ඔබ නොමැතිව සිනහ නගන යුරු
මට කියාදී යන්න..
උමතුව හද විලාප දෙන
හඬ අහගෙන ඉන්න..
බිඳකට ඇවිදින් මගෙ ලය..
මත ඔය සවනත තියන්න..
පැහැසර ඔබෙ ආදරේ..
මන්දාරම් අඳුරේ වෙලී..
සැඟවී ගිය ඔබෙ සෙනෙහේ..
හද රිද්දනවා රහසේ...