පලංචියේ.. නැත දෙවියෝ
කෙතේ බැතේ.. නැත දෙවියෝ
දේවාලේ.. දේවාලේ.. දේවාලේ නැත දෙවියෝ
ඒ දෙවොලේ.. මං දෙවියෝ
ඒ දෙවොලේ.. හේයි.. මං දෙවියෝ..
දේව දූතියන් කෙරෙන් මිදී ඇවිත් මෙහේ..
දෙව් ගැටවු ගිලී හොරෙන් නඟා මැරූ ආලේ. .
දෙව් සැපත් කිමැයි කියා පරාඅඹු සෙවණේ..
පතා ළඳුන් සොයා හොරෙන් ලගීය අගුපිලේ
පලංචියේ.. නැත දෙවියෝ
කෙතේ බැතේ.. නැත දෙවියෝ
දේවාලේ... දේවාලේ... දේවාලේ නැත දෙවියෝ
ඒ දෙවොලේ.. මං දෙවියෝ
ඒ දෙවොලේ.. භේයි.. මං දෙවියෝ..
දිවියත් කිරී දියෙන් අඟුරු
අඟුරු අඟුරු මැයි සුමිතුරු
දිවියත් මෙලෙසින් නිරතුරු
දෙවියත් සුදු නොවෙයි මිතුරු
අලුත් සහල් කාසි පඬුරු
ඉටිපන්දන් අගිල් කපුරු
සඳුන් කළල් ගිතෙල් වෙඬරු
අඹ දඹ අන්නසි පලතුරු
ලාබායී.. ගජ ලාබායි..
ලාබායි.. ගජ ලාබායිී..
ලොට් සේල්.. ලොට් සේල්.. ලොට් සේල්..
පලංචියේ.. නැත දෙවියෝ
කෙතේ බැතේ.. නැත දෙවියෝ
දේවාලේ... දේවාලේ... දේවාලේ නැත දෙවියෝ
ඒ දෙවොලේ.. මං දෙවියෝ..
ඒ දෙවොලේ.. හේයි.. මං දෙවියෝ...