පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ Lyrics
පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ..
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ..
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ..
අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ..
සාමා අමර විකුණති බස් පොළේ කජූ..
කුමාරෝද පිටු දැන් දෙති එයින් මතූ..
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ..
වේවැල වටා ඉකිබිඳ දඩුවමක් පැතූ..
රන්මසු පටපිළී අබරණ උරණ වෙලා..
සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා..
ගුරුනිවහනේ කඳුලට උල්පතක් වෙලා..
ලෝකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා..
පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ..
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ..
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ..
අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ..