පානා සෙනෙහස ඇල්මෙන් ඉඹගෙන
ඉන්න නුඹට බැරි නම්..
කීවා නාහෙන සිත වාවාගෙන
අඳුරෙම මම ඉන්නම්.....
විෂඝොර සර්ප විමනේ
බිය නැද්ද බොහොම ළඳුනේ
තනි කමෙන් නිදන නුඹගේ
කටු ඇනෙයිද සිර යහනේ...
විෂඝොර සර්ප විමනේ
බිය නැද්ද බොහොම ළඳුනේ
තනි කමෙන් නිදන නුඹගේ
කටු ඇනෙයිද සිර යහනේ...
සත් පියුමන් මත.. නුඹ අඩ සඳකී
ගැස්සෙන නුඹෙ ළැම.. මට මල් දමකී
සත් පිරිවර මැද.. කුමට වඩින්නේ
ගැස්සෙන මයෙ ළැම.. මොටද බලන්නේ
නානා විද දුනු හී මානාගෙන
නුඹට මසිත පිදුවත්
සේනා මොකටද නුඹෙ ඔය උණුහුම
වෙන කෙනකුට නොමදෙන්
නුඹ මන්ත්‍රි දේව් වේ නම්
වෙස්සන්තර මා වෙන්නම්...
සුන්දර නෑ එය එතරම්
සොඳුරිය දැන් හිතන තරම්
නුඹ මන්ත්‍රි දේව් වේ නම්
වෙස්සන්තර මා වෙන්නම්...
සුන්දර නෑ එය එතරම්
සොඳුරිය දැන් හිතන තරම්
සත් පියුමන් මත.. නුඹ අඩ සඳකී
ගැස්සෙන නුඹෙ ළැම.. මට මල් දමකී
සත් පිරිවර මැද.. කුමට වඩින්නේ
ගැස්සෙන මයෙ ළැම.. මොටද බලන්නේ
සත් පියුමන් මත.. නුඹ අඩ සඳකී
ගැස්සෙන නුඹෙ ළැම.. මට මල් දමකී
සත් පියුමන් මත.. නුඹ අඩ සඳකී
ගැස්සෙන නුඹෙ ළැම.. මට මල් දමකී