Pandarin iskoleta tantu karaththen

Pandarin iskoleta tantu karaththen

harshana dissanayake
Pandarin iskoleta tantu karaththen Lyrics

පාන්දරින්‌ ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන්‌
තොප්පි ගොනා ඉස්සරහින්‌ මං පිටිපස්සෙන්‌
හනි හනිකට උඹ යනකොට.. හනි හනිකට උඹ යනකොට
පාර කියන්‌ නෑ තෝනෙන්‌.. පාර තියන්‌ නෑ කෙවිටෙන්...

පුංචි කාලේ උඹට බොන්න එරිච්චි කිරි බිව්වලු මං
වත්ත පහළ උඹේ පිනුම්‌ දැක්කම හිනැහුණාලු මං
ලාඩම්‌ නැති උඹේ පා කුර ගල්‌ කන්දෙදි රිදෙන තරම්...
උඹේ කඳුළු මට කියද්දි උඹට හොරෙන්‌ අඬනවා මං

පාර කියන්‌ නෑ තෝනෙන්‌.. පාර තියන්‌ නෑ කෙවිටෙන්.......

ඉස්කෝලෙන්‌ ශිල්ප අරන්‌.. මං ලොකු මිනිහෙක්‌ වෙන්නම්‌
බිව්ව කිරට ඇද්ද බරට.. කළගුණ මං සලකන්නම්..
බැරි බර දෙන මේ වියකර.. උඹේ කරෙන්‌ ගලවන්නම්
උජාරුවට දුව පනින්න.. ගෙජ්පි වැලක්‌ පළඳන්නම්...

පාර කියන්‌ නෑ තෝනෙන්‌.. පාර තියන්‌ නෑ කෙවිටෙන්...

පාන්දරින්‌ ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන්‌
තොප්පි ගොනා ඉස්සරහින්‌ මං පිටිපස්සෙන්‌
හනි හනිකට උඹ යනකොට.. හනි හනිකට උඹ යනකොට
පාර කියන්‌ නෑ තෝනෙන්‌.. පාර තියන්‌ නෑ කෙවිටෙන්...

පාර කියන්‌ නෑ තෝනෙන්‌.. පාර තියන්‌ නෑ කෙවිටෙන්...
පාර කියන්‌ නෑ තෝනෙන්‌.. පාර තියන්‌ නෑ කෙවිටෙන්...

Video thumbnail