ආදරයේ පැණි බින්දක්
නුඹෙ දෙතොලේ තිය යන්නම්
දුර අහසේ ඉම සොයලා
ඉගිලීලා යළි එන්නම්
පැණි බිඳු හා දැවටෙන්නම්
නුබෙ සුවදේ කිමිදෙන්නම්
හිනැහීලා සැරසීලා
මල් කුමරෝ මම ඉන්නම්
හදවත ස්නේහ වෑහේනා
පැණිබිදු නුඹටමයි කියා
රවටනු සේම නුඹව සිපගන්නම්
පැණිබිදු හාදු තවරනා
වෙනසක හේතු තේරුනා
නොදැනුනු සේම නුඹව සිපගන්නම්
නුඹ කළුවරට බය හැඟෙයි
අද රෑ තනි රකිනු සිතෙයි
අලුයම සීතලේම ගුලිවෙන්නම්
මම කළුවරට බය නොවෙයි
එනමුදු තනිකමක් දැනෙයි
අලුයම සීතලේම සමුදෙන්නම්
නන්නාදුනන එළි දිලෙයි
කුණාටුවක්ද මට බයයි
නුඹ අසලින්ම සොදුර මම ඉන්නම්
දෑසට දෑස දුර හැගෙයි
නුඹ අන්සතුමදැයි දැනෙයි
නොදැනුන සේම සොදුර මම ඉන්නම්
නෙතමල් උයන් හමුවනා
නොසොයමි ප්‍රේම ප්‍රාර්ථනා
අඟවනු සේම නුඹව සිපගන්නම්
මා හැම රැයක පෑරුණා
දැන දැන හේතු කාරන
නොදැනුන සේම නුඹව සිපගන්නම්
ආදරයේ පැණිබින්දක්
නුඹෙ දෙතොලේ තියයන්නම්
දුර අහසේ ඉම සොයලා
ඉගිලීලා යළි එන්නම්
පැණි බිඳු හා දැවටෙන්නම්
නුබෙ සුවදේ කිමිදෙන්නම්
හිනැහීලා සැරසීලා
මල් කුමරෝ මම ඉන්නම්..