පාන් කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
පාන් කිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි...
උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි...
මේවා බල බල තනි කෑදැත්තෙක් කීචි බීචි කියතෙයි...
පාන් කිරීත්තා තමන්ගෙ පාඩුවෙ නැටුම පටන් ගත්තේ...
අහල පහළ කිසිවෙකුටත් ඒකෙන් හිරිහැරයක් නැත්තේ.....
කොහේද ඉඳ පැමිණුනු කෑදැත්තා වහලා අර අත්තේ..
උන්ගේ නැටුමට බාධා කරමින් ගීය පටන් ගත්තේ...
පාන් කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
පාන් කිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි...
උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි...
මේවා බල බල තනි කෑදැත්තෙක් කීචි බීචි කියතෙයි...
පාන් කිරීත්තා නැටුම නවත්තා කේන්තියෙන් ආවා...
කෑදැත්තාගේ කළු අත්තටුවෙන් අල්ලා සෙලවුවා...
ඊට පස්සෙ ඌ සට සට ගාලා මොන මොනවද කීවා..
ළඟට කිට්ටු වී මා දු ගොළුවතින් ඊට සවන් පෑවා...
අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා...
තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා....
අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා...
තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා....