පන්සල පල්ලිය.. කෝවිල හැමතැන

Pansala Palliya Kovila

nihal nelson
පන්සල පල්ලිය.. කෝවිල හැමතැන Lyrics

පන්සල පල්ලිය.. කෝවිල හැමතැන
දැල්වෙන්නේ එක පහන්‌ සිලයි
පොල්‌ අතුපැල තුල.. මහ මන්දිරවල
මතුවන්නේ එක මිනිස්‌ හඬයි

ඇති නැතිකම්‌ වල.. ලොකු පොඩිකම්‌ වල
වෙනස දකින්නේ අපේ සිතයි
ඒ සිත හරියට.. පිරිසිඳු වු විට
වෙනසක්‌ නැතිබව නෙතට පෙනෙයි

පායන හිරු සඳු යට එක පොළවක ඒකට ඉන්නවා
ජීවන සටන්‌ බිමක කොයි කවුරුවත්‌ එකට රැඳෙනවා
කුලමල ආගම්‌ බේදෙන්‌ සමහරු දුකට වැටෙනවා
මිනිසත්‌ කමේ අගය දන්නා අය සටන දිනනවා

පන්සල පල්ලිය.. කෝවිල හැමතැන
දැල්වෙන්නේ එක පහන්‌ සිලයි
පොල්‌ අතුපැල තුල.. මහ මන්දිරවල
මතුවන්නේ එක මිනිස්‌ හඬයි

ඇති නැතිකම්‌ වල.. ලොකු පොඩිකම්‌ වල
වෙනස දකින්නේ අපේ සිතයි
ඒ සිත හරියට.. පිරිසිඳු වු විට
වෙනසක්‌ නැතිබව නෙතට පෙනෙයි

උපදින හැම කෙනෙකුම උපතින්‌ එක සමාන වෙනවා
නොමදැන ඒ බව සමහරු උස්මිටිකම්‌ සලකනවා
යහගුණ දන්නා සිතකින්‌ මිනිසත්‌ කම මතුවෙනවා
මිණිමුතු වලටත්‌ වැඩියෙන්‌ පිරිසිඳු සිත බැබලෙනවා

පන්සල පල්ලිය.. කෝවිල හැමතැන
දැල්වෙන්නේ එක පහන්‌ සිලයි
පොල්‌ අතුපැල තුල.. මහ මන්දිරවල
මතුවන්නේ එක මිනිස්‌ හඬයි

ඇති නැතිකම්‌ වල.. ලොකු පොඩිකම්‌ වල
වෙනස දකින්නේ අපේ සිතයි
ඒ සිත හරියට.. පිරිසිඳු වු විට
වෙනසක්‌ නැතිබව නෙතට පෙනෙයි

Video thumbnail