පාට පොදක් තිලක ලා නළල් තලාවේ
කැලුම් වළලු නෙතිනි අතුරලා..
මුතු සිනා සල සලා නැලවි නැලවියේ
නිවන් මහද නීල වරලියේ..
ආල හැඟුම් ගවසලා යොවුන් හිනාවේ
තුටින සලල රැඟුම් රඟ රඟා..
පෙම් කතා මල් පොටින් ළැමැද වසාලා
නිවා නොහැක ආල කුමරුනේ..
පාට පොදක් තිලක ලා නළල් නලාවේ
කැලුම් වළලු නෙතිනි අතුරලා..
පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ
මල් නුවරේ.. පෙම් සුවඳේ
ඈත ඉරට හිනාවී.. රෑට මොණරු නටාවී
ඈත ඉරට හිනාවී.. රෑට මොණරු නටාවී
ආල වඩන ගීත සුරල් පාවේවි...
පාට පොදක් තිලක ලා නළල් නලාවේ
කැලුම් වළලු නෙතිනි අතුරලා..
මුතු සිනා සල සලා නැලවි නැලවියේ
නිවන් මහද නීල වරලියේ..
ආල හැඟුම් ගවසලා යොවුන් හිනාවේ
තුටින සලල රැඟුම් රඟ රඟා..
ළමා ළපටි බොළඳ වදන් තෙපලන්නේ
පුංචි වියේ.. අන්දර සේ
සීත සිනා හෙලායා.. ආල සිතුම් සිතේයා
සීත සිනා හෙලායා.. ආල සිතුම් සිතේයා
සීතාවන් රුවන් ළඳුන් මාලා මා
පාට පොදක් තිලක ලා නළල් නලාවේ
කැලුම් වළලු නෙතිනි අතුරලා..
මුතු සිනා සල සලා නැලවි නැලවියේ
නිවන් මහද නීල වරලියේ..
ආල හැඟුම් ගවසලා යොවුන් හිනාවේ
තුටින සලල රැඟුම් රඟ රඟා..
පෙම් කතා මල් පොටින් ළැමැද වසාලා
නිවා නොහැක ආල කුමරුනේ..
පාට පොදක් තිලක ලා නළල් තලාවේ
කැලුම් වළලු නෙතිනි අතුරලා...