පවනට සැලෙනා දොඹ මල්‌ සුවඳින්‌

Pawanata Salena Domba Mal Suwadin

t m jayarathna
පවනට සැලෙනා දොඹ මල්‌ සුවඳින්‌ Lyrics

පවනට සැලෙනා..
දොඹ මල්‌ සුවඳින්‌..
ආදර හසරැලි මුවට නැගෙයි දෝ..
සවනට කොඳුරා..
පවසන වදනින්‌..
ආදර හැඟුමන්‌ සිතට දැනෙයි දෝ..

මල්‌ ඇතුරුනු ඒ සුව යහනේ ඔබ
අඩවන්‌ දෙනෙතින්‌ ආල වඩයි දෝ
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයි දෝ

ඇකයේ සිට මා පුතු හඬනා සඳ
ලේ කිරි වී දැයි නොදනිමි මා ළඳ
අසරණ දෙනෙතින්‌ පුතු දෙස බැලු සඳ
දුටුවේ වැගිරුනු කඳුළු පමණි ළඳ

පවනට සැලෙනා..
දොඹ මල්‌ සුවඳින්‌..
ආදර හසරැලි මුවට නැගෙයි දෝ..
සවනට කොඳුරා..
පවසන වදනින්‌..
ආදර හැඟුමන්‌ සිතට දැනෙයි දෝ..

Video thumbnail