පවුරු වළල්ලක් බැඳලා..
සතර අතේ අවිගත් මුර සෙබළුන් යොදලා..
පවුරු වළල්ලම බිඳලා..
මං එනවා මුරකාවල් අතරින් මිදිලා..
පවුරු වළල්ලක් බැඳලා..
කවුළු දොරින් බලා ඉඳිමි
ඔබ එනතුරු බලා ඉඳිමි
කවුළු දොරින් බලා ඉඳිමි
ඔබ එනතුරු බලා ඉඳිමි
ඈතින් පිය මනිනු දකිමි
සුසුම් හෙලා හඬා වැටෙමි
සුසුම් හෙලා හඬා වැටෙමි
පවුරු වළල්ලක් බැඳලා..
සතර වටේ අවිගත් මුර සෙබළුන් යොදලා..
පවුරු වළල්ලම බිඳලා..
මං එනවා මුරකාවල් අතරින් මිදිලා..
පවුරු වළල්ලක් බැඳලා..
නිරතුරු ඔබෙ මුහුණ දකිමි
පෙම් සටනින් පැරද නොයමි
නිරතුරු ඔබෙ මුහුණ දකිමි
පෙම් සටනින් පැරද නොයමි
ලොවක් නොමැත අපිට අහිමි
ඔබ හා මිස තනිව නොයමි
ඔබ හා මිස තනිව නොයමි
පවුරු වළල්ලක් බැඳලා..
සතර අතේ අවිගත් මුර සෙබළුන් යොදලා..
පවුරු වළල්ලම බිඳලා..
මං එනවා මුරකාවල් අතරින් මිදිලා..
පවුරු වළල්ලක් බැඳලා..
සතර අතේ අවිගත් මුර සෙබළුන් යොදලා..
පවුරු වළල්ලම බිඳලා..
මං එනවා මුරකාවල් අතරින් මිදිලා.
පවුරු වළල්ලක් බැඳලා..
(මං එනවා මුරකාවල් අතරින් මිදිලා..)
පවුරු වළල්ලක් බැඳලා..
(මං එනවා මුරකාවල් අතරින් මිදිලා..)
පවුරු වළල්ලක් බැඳලා..
(මං එනවා මුරකාවල් අතරින් මිදිලා..)
පවුරු වළල්ලක් බැඳලා..
(මං එනවා මුරකාවල් අතරින් මිදිලා..)