පායා ආ සඳ අඳුරු  වලාවෙන්‌

Paya Aa Sanda Aduru Walawen

milton mallawarachchi
පායා ආ සඳ අඳුරු  වලාවෙන්‌ Lyrics

පායා ආ සඳ අඳුරු  වලාවෙන්‌
මා දිරියෙදිම වැසුණා..
සෝකය තාපය පාළුව අතර
ඉකිබිඳ හැඬුවා ඇසුණා..

පායා ආ සඳ අඳුරු  වලාවෙන්‌
මා දිරියෙදිම වැසුණා..

හද විමනේ... බිතු සිතුවම්‌..
කිලිටි කලේ ඔබේ දෑතයි

හද විමනේ... බිතු සිතුවම්‌..
කිලිටි කලේ ඔබේ දෑතයි

නොපැතූ වියෝගයේ
මහ වරුසාවෙන්‌
දෑත දෙපය මගෙ සීතයි..
දෑත දෙපය මගෙ සීතයි

පායා ආ සඳ අඳුරු  වලාවෙන්‌
මා දිරියෙදිම වැසුණා...

ඔබ පැමිණි.. ඔබම ගියා..
නැවතුන තැන මම ඉන්නම්

ඔබ පැමිණි.. ඔබම ගියා..
නැවතුන තැන මම ඉන්නම්

මගෙ සහයෝගය පතන වෙලාවේ
කොහි සිට හෝ යළි එන්නම්..
කොහි සිට හෝ යළි එන්නම්..

පායා ආ සඳ අඳුරු  වලාවෙන්‌
මා දිරියෙදිම වැසුණා...
සෝකය තාපය පාළුව අතර
ඉකිබිඳ හැඬුවා ඇසුණා..

පායා ආ සඳ අඳුරු  වලාවෙන්‌
මා දිරියෙදිම වැසුණා...

Video thumbnail