පායා එන සඳවත මනරම් Lyrics
පායා එන සඳවත මනරම්
තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක තරම්
උණුසුමකින්.. තුරුලු වෙමී..
දිවිය පුරා..
ළඟ හිඳ මා හා සංසාරේ වෙළෙනා
උණුසුමකින්.. තුරුලු වෙමී..
සසර පුරා.. ළඟ හිඳිමි..
නොහඬනා දිනක්
නොතිබුනාද මන්දා
ඔබ පෙම් හසුනක ලියනා
පෙම් කව් කීවෙමි මුමුණා
මග බලා.. හිඳී නම්
පායා එන සඳවතක තරම්
තනිකමත් බෝම සීතයි
චාවාගෙන මහමෙරක තරම්
උණුසුමකින්.. තුරුලු වෙමී..
දිවිය පුරා..
ළඟ හිඳ මා හා සංසාරේ වෙළෙනා
උණුසුමකින්.. තුරුලු වෙමී..
සසර පුරා.. ළඟ හිඳිමි..
නොසැලෙනා සිතින්
නෙලාගන්න තිබෙනා
නෙතු අද්දර මල් පිපෙනා
හැර යන්නට සිත නොදෙනා
අපි අපේම වේ නම්
පායා එන සඳ සිසිල අරන්
මා හා ඉඳ ගං ඉවුර ළඟින්
උණුසුමකින්.. තුරුලු වෙමී..
දිවිය පුරා..
ළඟ හිඳ මා හා සංසාරේ වෙළෙනා
නෙතු කැලුම් තාම මතකයි
උණුසුමකින්.. තුරුලු වෙමී..
දිවිය පුරා.. ළඟ හිඳිමි...