Paya nagi ewi ran tharaka

Paya nagi ewi ran tharaka

karunarathna divulgane
Paya nagi ewi ran tharaka Lyrics

පායා නැගී ඒවි රන්‌ තාරකා
මා හා සිනා වෙන්නේ නෑ ආදරෙන්‌
දේදුන්න සේ රෑ මැකී වෙන්වෙලා
නාඩා ඉතින්‌ ඉන්න සේපාලිකා
සේපාලිකා... සේපාලිකා....

දෙනුවන්‌ වැසී ඈත තරුනෙත්‌ මැකී
තනිව හඬනා රැයේ..
හදට දී වේදනා...

දෙනුවන්‌ වැසී ඈත තරුනෙත්‌ මැකී
තනිව හඬනා රැයේ..
හදට දී වේදනා...
එක්වී ළඟින්‌ ඉන්න
ළංවී සිනාසෙන්න
දුර ඈත සිට  එන්න සේපාලිකා
සේපාලිකා.... සේපාලිකා..

රෑ මීදුමේ දිලුනු තරුමල්‌ ලෙසේ
ඔබේ නෙත්‌ පහන්‌ දැල්වුනේ..
හදට දී වේදනා...

රෑ මීදුමේ දිලුනු තරුමල්‌ ලෙසේ
ඔබේ නෙත්‌ පහන්‌ දැල්වුනේ..
හදට දී වේදනා...
කඳුළ පිසලන්න
සතුට තවරන්න
සුවඳක්‌ ලෙසින්‌ එන්න සේපාලිකා
සේපාලිකා.... සේපාලිකා....

පායා නැගී ඒවි රන්‌ තාරකා
මා හා සිනා වෙන්නේ නෑ ආදරෙන්‌
දේදුන්න සේ රෑ මැකී වෙන්වෙලා
නාඩා ඉතින්‌ ඉන්න සේපාලිකා
සේපාලිකා... සේපාලිකා....

Video thumbnail