පෙම්‌ ලොවදී දුටු ඔහුමද මේ..

Pem Lowadi Dutu Ohumada Me

nanda malani
පෙම්‌ ලොවදී දුටු ඔහුමද මේ.. Lyrics

පෙම්‌ ලොවදී දුටු ඔහුමද මේ..
ඔහුටද මා.. අන්ධ උනේ
යෞවනයේ දුටු ඔහුමද මේ..
ඔහුටද මා.. අන්ධ උනේ

මිදි යුෂ යැයි රැවටී හලා හල
විෂ බිව්වේ ඇයි මා..
පෙම්‌ දැල මැද පැටලී සුසුම්‌ ලා
මුළා උනේ ඇයි මා..

පෙම්‌ ලොවදී දුටු ඔහුමද මේ..
ඔහුටද මා.. අන්ධ උනේ
යෞවනයේ දුටු ඔහුමද මේ..
ඔහුටද මා.. අන්ධ උනේ

මිරඟුව දැක හිනැහී පිපාසෙට
දිය සෙව්වේ ඇයි මා..
නෙතුසර පහර වැදී විකල්‌ වී
දිවි පිදුවේ ඇයි මා..

පෙම්‌ ලොවදී දුටු ඔහුමද මේ...
ඔහුටද මා.. අන්ධ උනේ
යෞවනයේ දුටු ඔහුමද මේ..
ඔහුටද මා.. අන්ධ උනේ....

Video thumbnail