පෙම්‌ පහන නිවී.. පෙම්‌ මල්‌ පරවී

Pem Pahana Nivi

mohideen baig
පෙම්‌ පහන නිවී.. පෙම්‌ මල්‌ පරවී Lyrics

හ්ම්‌.. හ්ම්‌.. හ්ම්‌..
හ්ම්‌.. හ්ම්‌.. හ්ම්‌..

පෙම්‌ පහන නිවී.. පෙම්‌ මල්‌ පරවී
ඇවිලේය වියෝ ගිනි ජාලේ..
අපි හැංගි හැංගි බැඳි ආලේ..
අපි හැංගි හැංගි බැඳි ආලේ

පෙම්‌ පහන නිවී.. පෙම්‌ මල්‌ පරවී
ඇවිලේය වියෝ ගිනි ජාලේ..
අපි හැංගි හැංගි බැඳි ආලේ..
අපි හැංගි හැංගි බැඳි ආලේ

මායාවකී සිහිනෙකි ප්‍රේමේ
නරකාදියකී මට මේ ලෝකේ..
මායාවකී සිහිනෙකි ප්‍රේමේ
නරකාදියකී මට මේ ලෝකේ

හඳ කැබලි කඩා බිම දැමුවා සේ
ගන අන්ධකාරයි ලෝකේ..
අපි හැංගි හැංගි බැඳි ආලේ..
අපි හැංගි හැංගි බැඳි ආලේ

පෙම්‌ කූඩු කැඩී.. පෙම්‌ ගඟ වියළී
කම්පා දැනේ සංතාපේ
කළේ කවුද කවුද මේ සාපේ..
කළේ කවුද කවුද මේ සාපේ..

පෙම් ඔරුව කැඩී.. පෙම් හබල බිඳි
සැඩ වතුරේ  ඒ මේ අත පාවේ..
පෙම් ඔරුව කැඩී.. පෙම් හබල බිඳි
සැඩ වතුරේ  ඒ මේ අත පාවේ..

පෙම්‌ බැමි පුපුරා.. පෙම්‌ හද දෙදරා
පෙම්‌ කතරේ මා දැන්‌ අඳුරේ..
කළේ කවුද කවුද මේ සාපේ..
කළේ කවුද කවුද මේ සාපේ..

දෙව්‌ රජිඳා නැත පූජාසනේ
ගිනි ගෙන ඇවිලේ පෙම්‌ දේවාලේ..
දෙව්‌ රජිඳා නැත පූජාසනේ
ගිනි ගෙන ඇවිලේ පෙම්‌ දේවාලේ..

සසරේ වසනතුරු එක වාගේ
මතු ජාති ජාති ඔබ මාගේ..
ඔබ කොහිද කොහිද පෙමී රාජා..
ඔබ කොහිද කොහිද පෙමී රාජා..

පෙම් පහන නිවී.. පෙම්‌ මල්‌ පරවී
ඇව්ලේය වියෝ ගිනි ජාලේ..
අපි හැංගි හැංගි බැඳි ආලේ..
අපි හැංගි හැංගි බැඳි ආලේ...

Video thumbnail