පෙම්‌ සිත රිදුණා රත්තරනේ...

Pem Sitha Riduna Raththarane

prince udaya priyantha
පෙම්‌ සිත රිදුණා රත්තරනේ... Lyrics

පෙම්‌ සිත රිදුණා රත්තරනේ...
මට දුක හිතුනා රත්තරනේ...
මා තනි කරලා.. ඔබ හැර ගියදා..
මා තනි කරලා.. ඔබ හැර ගියදා..
පෙම්‌ සිත රිදුණා රත්තරනේ...

ආදරයේ උණුසුම නැහැ මගේ ලොවේ..
හැර ගියදා මා හඬනෙමි දුකට මෙසේ..

හඳුනා ගත්තා පිවිතුරු හැඟුම්‌ මගේ..
කඳුළු සැලේ වී නෙතඟින්‌ පෙමට ඔබේ..

පෙම්‌ සිත රිදුණා රත්තරනේ..
මට දුක හිතුනා රත්තරනේ...
මා තනි කරලා.. ඔබ හැර ගියදා..
මා තනි කරලා.. ඔබ හැර ගියදා..
මගෙ හිත රිදුණා රත්තරනේ...

ඔබ ගැන සිතමින්‌ සිටිනෙමි දිවා රැයේ..
පෙර ලෙස ආයෙත්‌ එනු මැන මගේ හදේ..

කලකට පසුවත්‌ අමතමි ඔබට මෙසේ..
තවමත්‌ ඔබටයි සෙනෙහස උරුම මගේ...

පෙම්‌ සිත රිදුණා රත්තරනේ..
මට දුක හිතුනා රත්තරනේ...
මා තනි කරලා.. ඔබ හැර ගියදා..
මා තනි කරලා.. ඔබ හැර ගියදා..
මගෙ හිත රිදුණා රත්තරනේ....

Video thumbnail