පෙමාතුර හැඟුම්‌.. ඇගේ නෙත්‌ කැලුම්‌

Pemathura Hangum Age Neth Kalum

sanath nandasiri
පෙමාතුර හැඟුම්‌.. ඇගේ නෙත්‌ කැලුම්‌ Lyrics

පෙමාතුර හැඟුම්‌.. ඇගේ නෙත්‌ කැලුම්‌
හද සන්තානයේ සදා සරණා අයාචනා සුසුම්‌
නුරාගික පැතුම්‌.. පිපාසිත සිතුම්‌
මන මන්දිරයෙ කලාලය මත මී අමා බඳුන්‌

නියාලුව හදින්‌.. පියා නෙතූ පියන්‌
යොමා යුග සවන්‌ තනිවෙමි ඇගේ ගී නදින්‌
මුදා නිදි දැහැන්‌.. එබී ලෙන්‌ දොරින්‌
අරාජික පරාදීසය සොයා එමි සිතින්‌

පෙමාතුර හැඟුම්‌.. ඇගේ නෙත්‌ කැලුම්‌
හද සන්තානයේ සදා සරණා අයාචනා සුසුම්‌
නුරාගික පැතුම්‌.. පිපාසිත සිතුම්‌
මන මන්දිරයෙ කලාලය මත මී අමා බඳුන්‌

අරා සිරි යහන්‌.. නිදා වැතිරෙමින්‌
සරා සලෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්‌
සුරා මල්‌ පැණින්‌.. පොඟා යුග ලවන්‌
පිනා පසිඳුරන්‌ සතපම්‌ සොඳුරු සිහිනයෙන්‌

පෙමාතුර හැඟුම්‌.. ඇගේ නෙත්‌ කැලුම්‌
හද සන්තානයේ සදා සරණා අයාචනා සුසුම්‌
නුරාගික පැතුම්‌.. පිපාසිත සිතුම්‌
මන මන්දිරයෙ කලාලය මත මී අමා බඳුන්‌

Video thumbnail