Pembara Madu Mage Lyrics
පෙම්බර මධු මගේ
මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපි දේහ විලාසේ
මැවේ මැවේ නයනේ. .
පෙම්බර මධු මගේ..
පෙම්බර මධු මගේ..
ලොවෙහි ඈත අනන්තේ
පැලක් තුලේ නොපෙනි
ඇතත් හොරෙන් හැංගීලා
මගේ දුකත් නොදැනී
අරන් එමී ඔබ කැන්දා
ඇසිල්ලකින් පැමිණි
සුරූපි දේහ විලාසේ
මැවේ මැවේ නයනේ. .
පෙම්බර මධු මගේ..
පෙම්බර මධු මගේ..
වඩාලා දෝත පුරාලා
පරෙවි කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ
හාවා පෙමින් සිතුසේ
පවන් සලා ඔබ සනසමි
ළදල්ලකින් සුවසේ
සුරූපි දේහ විලාසේ
මැවේ මැවේ නයනේ. .
පෙම්බර මධු මගේ..
පෙම්බර මධු මගේ..
අපේම පාළු විමානේ
නිසංසලේ සහනේ
අමා පැනින් මත්වීලා
ඔබේ දෙතොල් බඳුනේ
විඳින්නේ මී රස මදිරා
පෙරුම් පිරූ ලෙසිනේ
සුරූපි දේහ විලාසේ
මැවේ මැවේ නයනේ. .
පෙම්බර මධු මගේ..
පෙම්බර මධු මගේ..